පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළව, කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
සුරේ සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත්, එම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් කාදිනල්තුමා අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.




