Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.

ඒ අනුව, ජූලි 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකදී මන්ත්‍රීවරයා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කාදිනල්තුමාගේ නීතිඥවරුන් මේ වන විටත් නීතිමය පියවර ගනිමින් සිටින බවයි පියතුමා සඳහන් කරන්නේ.

එම ප්‍රකාශයට අනුව, ජූලි 02 වන දින ශ්‍රී ලංකා හමුදාපතිවරයා පලතුරු කූඩයක් රැගෙන කාදිනල්තුමාගේ නිවසට ගිය බවත්, ඉන් අනතුරුව හමුදාපතිවරයාගේ ධුර කාලය 2028 ජනවාරි හෝ පෙබරවාරි දක්වා දීර්ඝ කරන ලෙසට එහිදී ඉල්ලා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර සිටින බවත්, ලියෝ පාප් වහන්සේ ප්‍රධානත්වය දැක්වූ වතිකානු සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ජූලි 03 වැනිදා බවයි කාදිනල්තුමාගේ කාර්යාලය සඳහන් කර ඇත්තේ.