Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද, නැද්ද යන නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය පවසනවා.

අදාල පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.