වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව, ඊයේ (15) දිනයේ දී පමණක් රෝගීන් 1,195 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ජූලි මස පළමු දින 15 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 17,051 ක් හඳුනාගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.
ඩෙංගු ආසාදනය වීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම පිරිස 38,160 ක් ලෙස සඳහන් වනවා.
එසේම දකුණු පළාතෙන් රෝගීන් 11,274 ක්ද, සබරගමුව පළාතෙන් රෝගීන් 6,073 ක්ද, මධ්‍යම පළාතෙන් රෝගීන් 6,026 ක්ද වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



