බලශක්ති අමාත්‍යාංශයට අදාළව, 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.
ඒ අනුව, බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය, මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහි දී පුළුල් ලෙස විමසා බලා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඩෙල්ෆ්ට්, අනලතිව් සහ නයනතිව් යන දූපත්වල ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති (Hybrid Renewable Energy System - HRES) ව්‍යාපෘතියේ ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහි දී විමසා බලා ඇති අතර, එම දූපත් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.




