Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2026 වසරේ පළමු භාගය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් සංඛ්‍යාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, 2026 පළමු මාස 06 තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිතා කර ඇති මුළු මගීන් සංඛ්‍යාව 4,748,481 ක් වන බවයි සඳහන් වන්නේ.

එසේම, පළමු මාස 06 තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විසින් හසුරුවා ඇති මුළු ගුවන් යානා ප්‍රමාණය 30,659 ක් වන බවද සඳහන්.

ඊට අමතරව, මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,146,573 ක් වන අතර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවය ලබා ගෙන ඇති සංක්‍රමණ මගීන් සංඛ්‍යාව 424,856 ක් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.