කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සහ ඇයගේ ස්වාමියා රුපියල් කෝටි දෙකකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මාදම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, අදාළ පිරිමි පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 06 ක් සහ කාන්තාව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 149 මිලිග්‍රෑම් 150 ක් පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සැකකාර යුවළ විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මොවුන් ‘මෝදර මයුර’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් වන බවයි.
ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, සැකකාර කාන්තාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




