යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වැනිදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද (16) කැඳවීමෙන් අනතුරුව, විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.




