වසරේ දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය වන ‘CSF Summer Fair', මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව, ජූලි 17 වැනිදා (හෙට) සිට 19 වැනිදා දක්වා, උදෑසන 10.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) භූමියේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය පැවැත්වීමට නියමිතයි.
මෙහි දී නිමි ඇඳුම්, පාවහන්, විසිතුරු භාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළු භාණ්ඩ රැසක් සුවිශේෂී වට්ටම් යටතේ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
'CSF Summer Fair' වෙත පැමිණීමට සහ නැවත නිවසට යෑමට ඔබ Helago භාවිතා කරන්නේ නම් ඔබට 27% ක වට්ටමක් අත්විඳීමේ හැකියාව ද පවතිනවා.




