Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

වසර 2055 වන විට වාර්‌ෂික මගී ධාරිතාව මිලියන 24.2 ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර, ඉදිරි වසර 30 ට ගැලපෙන පරිදි, වසර 3කින් අවසන් කිරීමට නියමිත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ යටතේ 2027 වසර තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ පවතින පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තය ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එසේම, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම, සිලෝන් ෂිපිං කෝපරේෂන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා කේටරින්,  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලික සමාගම, ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් යන ආයතනවල ක්‍රියාකාරිත්වය, 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ මෙහිදී විමසා බලා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියානු රජයේ ආධාර මගින් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා වරාය සංවර්ධන වැඩසටහන, කන්කසන්තරේ වරාය ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

එමෙන්ම කොළඹ වරායේ Logistic Park, දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම සහ බටහිර පර්යන්තයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සියලු කටයුතු ඩිජිටල්කරණය කිරීමත් ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.