Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දරුවන්ගේ හා තරුණ්‍යයේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් ජාතික ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ නිල වශයෙන් එළිදැක්වීම සිදු කර තිබෙනවා.

ඒ අනුව, මෙහි දී මහජනතාව, පාසල් පද්ධතිය, ගුරුවරුන්, තාරුණ්‍යය සහ ප්‍රජා මට්ටමේ සෞඛ්‍ය සන්නිවේදනය ඉලක්ක කරගත් ප්‍රධාන ජාතික මාර්ගෝපදේශ සහ අධ්‍යයන ලේඛන කිහිපයක් ඊට ඇතුළත් බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලාංකීය දරුවන් හා නව යොවුන් පරපුරේ සෞඛ්‍යය, ගෞරවය, ආරක්ෂාව සහ සමස්ත යහපැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් එළිදැක්වූ ප්‍රධාන ලේඛන අතර වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය පිළිබඳ ජාතික සන්නිවේදන මාර්ගෝපදේශය, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාව සහ 6 හා 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා සකස් කළ වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම ලේඛන මඟින් දරුවන්ට හා යොවුන් පරපුරට ඔවුන්ගේ වයසට ගැළපෙන ආකාරයෙන් නිවැරදි, විද්‍යාත්මක සහ සංස්කෘතික වශයෙන් සංවේදී දැනුම ලබාදීම සඳහා රට පුරා අනුගමනය කළ යුතු සන්නිවේදන ප්‍රවේශය ස්ථාපිත කිරීම අපේක්ෂා කරනවා.

ගුරුවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, මාධ්‍යවේදීන්, ප්‍රජා සංවිධාන සහ අදාළ සියලු පාර්ශ්ව සඳහා ප්‍රායෝගික මාර්ගෝපදේශයක් ලෙස ද මෙම ලේඛන වැදගත් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.