Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ලියාපදිංචි නොකළ සියලු වැඩිහිටි නිවාස ලියාපදිංචිය සඳහා සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව, වැඩිහිටි ලේකම් කාර්යාලය පවසනවා.

ඒ අනුව, ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් සඳහන් කළේ.

දිවයින පුරා පවතින වැඩිහිටි නිවාස 459කින් මේ වන විට 148 ක් පමණක් ලියාපදිංචි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.