Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ සමස්ත ලංකාවාසී ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.

කටාර් රාජ්‍යයේ දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, එරට වත්මන් අමීර්වරයා වන අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි හමුවී සිය බලවත් කණගාටුව පළ කර ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව, අල් වජ්බා මාලිගය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, කටාර් රාජ්‍යයේ අමීර්වරයාගේ මෑණියන් මෙන්ම කටාර් පදනමේ සභාපතිනිය ද වන ෂෙයිකා මෝසා බින්ට් නසාර් වෙත ද ශ්‍රී ලංකා රජයේ ශෝකය පිරිනමා තිබෙනවා.