දිස්ත්‍රික්ක 11 ක අද (16) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, එම දිස්ත්‍රික්ක 11 තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 63 ක එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ.
මේ අතර, දෛනික රෝගීන් වාර්තාවීම අවම කිරීමට සහ මදුරු දෂ්ටනය අවම කිරීම සඳහා උදෑසන සහ සන්ධ්‍යා කාලයේදී ධූමායන කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



