ජාතික ජන බලවේගයට බලය හිමි, මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ අනුව, පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
තමන් එම ධුරයේ අවුරුද්දක් හා මාස එකහමාරක පමණ කාලයක් කටයුතු කළ බවත්, එම කාලය තුළ දී සෑහීමකට පත්විය හැකි ලෙසට කටයුතු කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



