මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 554 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, එම සැකකරුවන් මෝටර් රථය අපරැක්ක අනුපාලක ස්ථානයෙන් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 28 හා 32 යන වයස්වල පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් කාර් රථය වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



