Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, සැකකරු මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙම සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, අනතුරුව ඔහු පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සඳහා සූදානම් වන අතරතුර දී, එක් පොලිස් නිලධාරියෙකු විසින් සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ සැකකරු, ඔහු ළඟ සිටි නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන, එම නිලධාරියාට වෙඩි තබා, වෙනත් යතුරුපැදියකින් පළා ගොස් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.