ඒ ඒ වයස් කාණ්ඩයට ගැලපෙන ලෙස ලිංගිකත්ව අධ්‍යාපනයක් ලබා දීම අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, බොහෝමයක් ළමා අපයෝජන සිදුවීම්වල ඇති ඛේදනීය සත්‍යය වන්නේ, සිදුවූයේ කුමක් දැයි එම දරුවන් දැනගෙන නොසිටි බවට ඔවුන් ප්‍රකාශ කිරීම බව ද වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
ඒ නොදැනුවත්භාවය සඳහා වගකිව යුත්තේ දරුවන් නොව, සමාජයේ මුහුකුරා ගිය දැනුමක්, අවබෝධයක්, පරිණතභාවයක් සහිත වැඩිහිටියන් වන අප බව ද එහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
2025 වසරේ දී ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 10,455 ක් ලැබී ඇති අතර, එම වසරේදී ම HIV ආසාදිතයන් 874 ක් වාර්තා වී ඇති බවත්, එයින් 107ක් ම වයස අවුරුදු 15 සහ 24 අතර පසුවන පිරිස් බවත්, මෙම සෑම ඉලක්කමක් පිටුපසම ජීවිතයක් හා අනාගයක් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වන හොඳ දැනුම් පද්ධතියක් ගොඩනැඟීම සඳහා රජය කටයුතු කරමින් ඇති බවත්, මේ කටයුතුවලට බාධාකාරී වන ලෙස යම් යම් කුඩා හෝ කණ්ඩායමක්, පාර්ශ්වයක් හෝ කටයුතු කරනවා නම්, සිදු වන ළමා අපයෝජනවල සහ ලිංගික රෝග සම්බන්ධයෙන් වන වගකීම ඔවුන් භාරගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.




