කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූඨ ලේඛන සකස් කර එය විකිණීමට තැත් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාරදී තිබෙනවා.
ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් හය දෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසට අධිකරණය නියම කර තිබෙනවා.
අනතුරුව, විත්තිකරුවන් අමතර රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියම කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් බවට විත්තිකරුවන් විසින් සඳහන් කළ අතර, නඩුවේ පළමු කැඳවීම ලබන සැප්තැම්බර් මස 01 වැනිදාට කල් තැබුණා.



