කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසල දී අද (15) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පොලිස් නිලධාරියාගේ ම රාජකාරි ගිනිඅවිය පැහැරගෙන මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



