Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් මතු වී තිබෙන පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 24 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර, මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහි දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර ලේඛන ඉදිරිපත් කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, බාල ගල් අඟුරු හේතුවෙන් කිසියම් පාඩුවක් සිදු වී තිබේ නම් එය අය කර ගැනීම සඳහා නිසි පියවර ගන්නා බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, එහි බර මහජනතාව මත පැටවීමට රජය ක්‍රියා නොකරන බවටත් සඳහන් කළා.

එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 24 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.