Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෙතරම් අර්බුද මැදත් රට ඉදිරියට යන්නේ, රට පැරණි මාවතේ ගමන් කරන නිසා ද යන්න විමසා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

පසුගිය දිනවල, ලෝක දර්ශකයන් හි ස්ථාන කිහිපයකින්ම ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණි බවත්, විපක්ෂයට ප්‍රකාශ කිරීමට දෙයක් නොමැතිව විවිධ කතන්දර ප්‍රකාශ කරමින් ඇති බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ගෝලීය වශයෙන් පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සහ පොහොර මිල ඉහළ යාමේ අවදානමක් පැවතුණ ද, ජනතාවට අවම පීඩනයක් දැනෙන අයුරින් එම තත්ත්වයන් කළමනාකරණය කිරීමට රජය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.

විපක්ෂය විසින් අධිකරණ ඇමතිවරයාට ගෙන එන විශ්වාසභංගවලට රජය බිය නොවන අතර, ඒවා නිෂ්ඵල ක්‍රියාවන් බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.