Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඇමෙරිකානු තානාපතිවරයා ලෙස තමන් වත්මන් ජාතික ජන බලවේග රජය සමඟ කිසිදු ප්‍රශ්නයකින් තොරව, ඉතා හොඳින් කටයුතු කළ බව ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ පවසනවා.

ඒ අනුව, තමාගේ දේශපාලන මතවාදය කුමක් වුවත්, අදාළ තනතුර භාරගත් දිනයේ සිට තමන් දේශපාලනය සිදු නොකළ බවත්, තමා ධුරයට පත් කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී හෝ උදව් නොකළ බවයි උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

තමන් තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මඟින් රට වෙනුවෙන් ඉලක්කවලට යාමට හැකි වූ බව ද එහි දී අදහස් දක්වමින් තානාපතිවරයා ප්‍රකාශ කළා.

තමන් ලංකාවට පැමිණි පසු ද රට වෙනුවෙන් කටයුතු කරන බවත්, තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන බවත් ඔහු කියා සිටියා.

වත්මන් රජය විසින් ඔවුන් ගෙන යන වැඩපිළිවෙළට දායකත්වයක් ලබා දීමට ආරාධනා කළහොත්, රට වෙනුවෙන් එම සේවාව ලබා දීමට තමන් පසුබට නොවන බවයි ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.