වත්මන් රජයේ වැඩපිළිවෙළ ජනතාවාදී ලෙස ඉදිරියට ක්‍රියාත්මක කරන විට, එයට කලබල වූ කණ්ඩායමක් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.
ඒ අනුව, බලය වෙනුවෙන් කෑගසන, දඟලන පිරිස් බොහෝමයක් සිටින්නේ ඇප පිට බවත්, නොඑසේ නම් ඔවුන් සිටින්නේ ‘සැක පිට’ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
කලබලයට පත් වූ, ‘ඇප පිට හෝ සැක පිට’ සිටින කණ්ඩායම විසින් ආණ්ඩුව පෙරළීමට උත්සාහ ගන්නා බවත්, ඔවුන් කෙසේ කටයුතු කළ ද වත්මන් රජය වැට්ටවීමට යථාර්ථය දන්නා ජනතාව ඉඩ නොදෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.



