Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදීන් නොමැති හිස් දේශපාලන අවකාශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඒ අනුව, එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට සමාන නොවන බවත්, එය සමාන වන්නේ හිට්ලර්ගේ නාසිවාදයට පමණක් බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පක්ෂයේ කාඩරය විසින් සියල්ල පාලනය කරන අමුතු පන්නයේ ආණ්ඩු මොඩලයක් සමාජය වෙත තර්ජනාත්මකව යෝජනා කර ඇති බවත්, ආණ්ඩුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ද 'අපි ආණ්ඩු බලය අරගෙන තියෙනවා, තාම රාජ්‍ය බලය අපි අරගෙන නැහැ.' යනුවෙන් ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළා.

ජනාධිපතිකම, අගමැතිකම, මැති ඇමති ධුර, පාර්ලිමේන්තු බලය, පළාත් සභාවේ ආණ්ඩුකාර ධුර, පළාත් පාලන ආයතනවල බලය ආදී මේ සියල්ල තිබියදී, එය පමණක් ප්‍රමාණවත් නොවන බවට ආණ්ඩුව ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බවත්, ග්‍රාම නිලධාරී ධුරය, ප්‍රාදේශීය ලේකම් ධුරය, දිසාපති ධුරය වැනි ධුර ද ජනතා විමුක්ති පෙරමුණේ කාඩරය විසින් මෙහෙයවිය යුතු බවට ඔවුන් අදහස් කර ඇති බවකුත් ඔහු සඳහන් කළා.

හිට්ලර් විසින් සිදු කළේ ද නාසිවාදයට 'ජාතික සමාජවාදය' නමින් ලස්සන නමක් යොදා ගැනීමක් බවත්, වත්මන් ආණ්ඩුව විසින් කරන කුරිරු දේශපාලන යෝජනාවලට ලස්සන වචන එකතු කර මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.