Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පවතින සරුංගල් සමයත් සමඟ දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් ඇති බවත්, එමඟින් ගුවන් යානාවල ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවත් ගුවන් හමුදාව පවසනවා.

ඒ අනුව, ලොව පුරා සිදු වන ගුවන් අනතුරුවලට ප්‍රධානතම හේතුවක් ලෙස ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම හඳුනාගෙන ඇති අතර, එය ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට මෙලෙස බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් මතු කර ඇති බවත් සඳහන්.

මෙම අනතුරුදායක තත්ත්වය සනාථ කරමින් අද (15) දින රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම් සඳහා ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක්, සරුංගල් නූල් හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දී තිබෙනවා.

පුහුණුවීම්වල නිරතව සිටි මෙම යානය, නැවත රත්මලාන ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා තිබෙන අතර, ඉන් අනතුරුව සිදු කළ කාර්මික පරීක්ෂාවක දී අනාවරණය වී ඇත්තේ ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබුණු බවයි.