Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් 67763 ඩී.ජී. රණසිංහ යන නිලධාරියා, උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා ඉහළ නංවමින් පශ්චාත් උසස්වීම් පිරිනැමීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, රාජකාරියක් ඉටු කිරීමට යාමේ දී මුහුණ දුන් අනතුරකින් මිය ගිය මෙම වීරෝදාර නිලධාරියා වෙනුවෙන්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්ට අනුකූලව මෙම පශ්චාත් උසස්වීම් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් ඩී.ජී. රණසිංහ, කින්නියා පොලිස් වසමේ මුලුක්කුසෙට්ටි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීමකට එක් ව සිටි අතර, එහිදී සැකකරුවන් ලුහුබැඳ යාමේදී මහවැලි ගඟේ ප්‍රචණ්ඩ ජල පහරට හසු වීමෙන් අනතුරට ලක්වීමෙන් පසුගිය 12 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අදාළ නිවේදනය පහතින්.