Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන්, ඓතිහාසික කළුතර බෝධිය අභියසදී ඊ‍යේ (09) පැවැත්වුණා.

උපසම්පදා විනයකර්ම මහෝත්සවය අද (09) සිට ජූලි 22 දක්වා කළුතර කළුගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර, සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් ඊට සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

වසර තුනකට වරක් පැවැත්වීමට නියමිත මෙම රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර නවයකට පසුව වීම විශේෂත්වයක් වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය ජනවාරි 01 වැනිදා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක, නව වසරට ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුව අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.