Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පසුගිය ජූලි 05 සහ ජූලි 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන්, එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, එම පරිශ්‍රය අපරාධ ස්ථානයක් ලෙස සලකන බවත්, එය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.

විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ සැලසීමටත්, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමටත්, විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටත් හැකි වන පරිදි, මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහොමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

දැනට පවත්වා ගෙන යනු ලබන බන්ධනාගාරවල සිරකරු ඝනත්වය සහ රැඳවියන්ගේ සුබසාධනය සලකමින්, පවතින බන්ධනාගාරවලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් ‘මහමෝදර’ සහ ‘පැරණි බෝගම්බර’ පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.