Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදනීය සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව, එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව, කුමන පාර්ශ්වයකින් මතු වුව ද, සියලු ප්‍රචණ්ඩ ක්‍රියා ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිසැකවම හෙළා දකින බවයි අදාළ නිවේදනය මඟින් නීතිඥ සංගමය සඳහන් කරන්නේ.

බන්ධනාගාර තුළ සිදු වන ප්‍රචණ්ඩත්වය නීතියේ ආධිපත්‍යය පළුදු කරන අතර, යුක්තිය පසිඳලීමේ පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසයට තර්ජනයක් එල්ල කරන බවත්, එමෙන්ම එය රැඳවියන්ගේ, බන්ධනාගාර නිලධාරීන්ගේ සහ බන්ධනාගාර කළමනාකරණය භාරව සිටින අනෙකුත් සියලුම දෙනාගේ ජීවිත අවදානමට ලක් කරන බවත් අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

මෙම ඛේදවාචකයෙන් පසු රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමටත්, ඉදිරියට තවදුරටත් සිදු වන ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමටත්, සියලු රැඳවුම් මධ්‍යස්ථාන නීතියේ ආධිපත්‍යයට අනුකූලව සහ සෑම පුද්ගලයෙකුගේම ගෞරවයට හා අයිතිවාසිකම්වලට පූර්ණ ගරු කරමින් කළමනාකරණය වන බව සහතික කිරීමටත් අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් සහ ධනාත්මක පියවර ගැනීම රජයේ වගකීමක් වන බවයි අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.