Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

තාක්ෂණික දෝෂ හේතුවෙන්, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට, සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, ජූලි මස 07 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එය දීර්ඝ කර ඇති බවත්, එම කාලය තුළ දඩ අය කිරීමක් සිදු නොකරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මතුවන ගැටලු, කොමිෂන් සභාවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අංශයේ 076 701 1954 සහ 011 258 7287 යන දුරකථන අංක මඟින් නිරාකරණය කරගන්නා ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.