2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ජූලි 08 වැනිදා දක්වා එම කටයුතු සිදු කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
පාසල් සහ පෞද්ගලික සියලුම අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, මාර්ගගත ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් හරහා අයදුම්පත් භාර නොගන්නා බවයි සඳහන් වෙන්නේ.
අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස, 'අපගේ සේවා' යටතේ ඇති 'Exam Information Centre' මත ක්ලික් (Click) කිරීම හරහා අයදුම් කළ යුතු වනවා.
පද්ධතියට පිවිසීමේදී, පරිශීලක ගිණුමක් ඇති අය තම විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කළ යුතු අතර, නව පරිශීලකයින් ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකය භාවිතයෙන් ලියාපදිංචි විය යුතු බව ද සඳහන්.
එක් විෂයයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රු. 200 ක් වන අතර, එය Credit Card, Debit Card හෝ තැපැල් කාර්යාල මඟින් ගෙවීමට හැකියි.
ගෙවීමෙන් පසු අයදුම්පත PDF ආකාරයෙන් බාගත කර තබාගත යුතු අතර, SMS දැනුම්දීමක් ද ලබා දෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.




