හාලිඇල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇති බවට ඇටම්පිටිය පොලිස් ස්ථානය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව, ඇය සොයා ගැනීම සඳහා මහජන සහයෝගය ඉල්ලා තිබෙනවා.
තම දියණිය අතුරුදන්ව ඇති බවට ඉකුත් මාර්තු මස 06 වැනි දින හාලිඇල ප්‍රදේශයේ පදිංචි අදාල තරුණියගේ මව විසින් ඇටම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
‘රත්නායක මුදියන්සේලාගේ කාවින්ද්‍යා භවනි’ නම් වන, හෙල මොරේතොට, හාලිඇල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් මෙලෙස අතුරුදහන්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම ඡායාරූපයේ සිටින තරුණිය පිළිබඳව යම් තොරතුරක් වෙතොත්, වහාම ඇටම්පිටිය පොලිසියේ ස්ථානාධිපති වෙත 0718 591528 අංකයෙන් හෝ ඇටම්පිටිය පොලිස් ස්ථානය වෙත 055 2294965 අංකයෙන් අමතන ලෙසට පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.






