Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රජයේ හා පෞද්ගලික පාසල්වල 12 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත 2026 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ජූලි 16 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ පමණක් ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම සිදු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සියලුම අයදුම්කරුවන් තමන්ගේ විදුහල්පති හෝ පාසල් ප්‍රධානීන් මඟින් අයදුම්පත් යොමු කිරීම සිදු කළ යුතු අතර, විදුහල්පතිවරුන් හෝ පෞද්ගලික පාසල් ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස, අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කළ යුතු වනවා.

මෙම විභාගය සඳහා අයදුම්පත් යොමු කළ හැක්කේ 2026 වසරේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, 2027 වසරේ උසස් පෙළ විභාගය සඳහා පළමු වර පෙනී සිටීමට නියමිත සිසුන්ට පමණක් බවයි සඳහන් වන්නේ.

පෞද්ගලික පාසල් සිසුන්ගේ සියලුම තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව අදාළ ගාස්තු ගෙවීම් කළ යුතු බව ද, ගාස්තු ගෙවීම් කිරීමෙන් පසු නැවත සිසුන් ඇතුළත් කළ නොහැකි බව ද දැක්වෙනවා.

මේ සම්බන්ධව කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 0112 784537, 0112 786616, 0112 784208 යන දුරකථන අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.