Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජාතික පෝෂණ මාසය 2026 ට සමගාමීව “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) එළිදක්වා තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් සකස් කළ මෙම මාර්ගෝපදේශය මගින් පාසල් දරුවන්ට පෝෂ්‍යදායී, සෞඛ්‍යාරක්ෂිත සහ දැරිය හැකි මිලකට ආහාර ලබාදීම අරමුණු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පාසල් දරුවන් අතර නිවැරදි ආහාර පුරුදු වර්ධනය කිරීම, අහිතකර ආහාර පරිභෝජනය අවම කිරීම සහ පාසල් ආපනශාලා සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම මෙම මාර්ගෝපදේශයේ ප්‍රධාන අරමුණු බවද සඳහන්.

ප්‍රධාන අරමුණු 5කට අදාළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙම මාර්ගෝපදේශය එළිදැක්වු අතර එම කරුණු අතර,

1. නිසි පෝෂණයෙන් යුතු, බෝ නොවන රෝග අවදානමින් මිදුණු නිරෝගී පාසල් දරු පරපුරක් රටට දායාද කිරීම.

2. පාසල් සිසුන්ට රසවත්, පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම.

3. පාසල් ළමුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ නිවැරදි ආකල්ප ඇති කිරීමට දායක වීම තුළින් නිවැරදි ආහාර පුරුදු හා හැසිරීම් ඇති කිරීම.

4. සෞඛ්‍ය සම්පන්න / නිවැරදි ආහාර පුරුදු පාසල් දරුවා මඟින් සමාජගත කිරීම.

5. ආපනශාලා නිසි පරිදි පවත්වාගෙන යාම සහ සනීපාරක්ෂාව සහතික කිරීම.

සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය පිළිබඳ පණිවුඩය වේගයෙන් ජනතාව අතරට ව්‍යාප්ත කළ යුතු බවත්, මෙරට උද්ගතව පවතින සහ වේගයෙන් වර්ධනය වෙමින් පවතින පෝෂණය පිළිබඳ ගැටළුවට සාර්ථක විසඳුම්ක් සෙවීමට නම්, දැඩි තීරණ ගනිමින් දැඩි පියවරයන්ට එළඹිය යුතු බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ‍.