2026 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන අදියර සඳහා නිර්දේශිත කෘති මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, සුරත් ද මෙල් විසින් රචිත 'ණයානන්දය', පී.බී. ජයසේකර විසින් රචිත 'පුද්ගලිකයි රහසිගතයි', මනෝහරි ජයලත් විසින් රචිත 'රතු වද මල්', එරික් ඉලයප්පආරච්චි විසින් රචිත 'සුනඛ ආර්යා', සමන් වික්‍රමාරච්චි විසින් රචිත 'බී.බී.' යන කෘති එම කෘති අතර වනවා.
මීට අමතරව, කීර්ති වැලිසරගේ විසින් රචිත 'වසඟ', සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත 'දිගම දිග දිග දෑත', චමිල් හර්ෂණ විසින් රචිත 'ඉටි කුටිය විනිවිදිමි', දිල්ෂානි චතුරිකා දාබරේ විසින් රචිත 'මවුවත් හදවත්', චූලාභය ශාන්ත කුමාර හේරත් විසින් රචිත 'ගජගා', රන්දික කඩවතආරච්චි විසින් රචිත 'රිදී' හා ශමෙල් ජයකොඩි විසින් රචිත 'සීගිරි කොදෙව්' යන කෘති ද ඒ සඳහා තේරී පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.



