Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ, පොලිස් නිලධාරීන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලැබී ඇති පෙත්සමක් අනුව, අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද (19) උදෑසන උපායදූතයන් ලෙස සිවිල් ඇඳුමින් සැරසී එම ප්‍රදේශයේ වැටලීමක් සිදු කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

එහිදී, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දැරූ ප්‍රයත්නය අතරතුර, සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන් හා ගැටී ඇති අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට සහ දැරණියගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රාජකාරියට බාධා කිරීම සම්බන්ධව මේ වන විට සැකකරුවන් සිව්දෙනෙකු දැරණියගල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී III නිලධාරීවරයා යටතේ ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.