මේ වන විට ‘දවසේ වෙඩිල්ල’ අවසන් වී ඇති බවත්, මේ වන විට තිබෙන්නේ ‘දවසේ වැළපිල්ල’ බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසනවා.
ඒ අනුව, මේ වන විට දවසේ කොයි මොහොතක හෝ විපක්ෂයේ වැළපිල්ලක් අසන්නට ලැබෙන බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සුරේෂ් සලේගේ මුරපදය ලබා නොදෙන බව ප්‍රකාශ කරන බවත්, එය ලබා දීමට මෙතරම් බියට පත්වන්නේ එය ලබා දීමට කටයුතු කළහොත් විපක්ෂයේ අවසානය සිදුවන නිසා දැයි සැකයක් මතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.



