දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරි රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව, අදාළ සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළා.
සැකකරුගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසත් අධිකරණය සැකකරුට නියෝග කළා.
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හම්බන්තොට ලුණු සමාගමට ඇසුරුම් මිලදී ගැනීමේදී රුපියල් 14,300,000 ක් පාඩුවක් රජයට සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.



