Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන්, හෙට (20) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව, එම පෙරහැර හෙට දින දහවල් 02.00 සිට රාත්‍රී 10.00 දක්වා ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පෙරහැර ගංගාරාම පුරාණ විහාරස්ථානයෙන් පිටත් වී, ඌරවත්ත ගංගාරාම මංසන්ධියෙන් ගාලු පාර ඔස්සේ ගමන් කොට, හිරේවත්ත බුදු පිළිමය අසලින් මහ වීදිය ඔස්සේ අම්බලන්ගොඩ වටරවුම දක්වා ගමන් කර, අම්බලන්ගොඩ වටරවුමෙන් නැවත ගාලු පාර ඔස්සේ ඌරවත්ත ගංගාරාම මංසන්ධිය දක්වා ගමන් කොට, එම මංසන්ධියෙන් හරවා ඌරවත්ත ගංගාරාම පුරාණ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන්, පෙරහැර ගමන් ගන්නා කාලය තුළ ඉහත මාර්ගය භාවිත කරන මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.