Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව, අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස, සේපාලිකා සමන්කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10 ක් ඉදිරිපත් කර ඇති අතර, සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38 ක් ද ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, 2022 වසරේ මැයි මස 09 වන දා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, රුපියල් 8,850,000 ක වන්දි ලබා ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.