Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනයේ අරමුණ, ආනයන අපනයන කටයුතු සීමා කිරීම නොවන බව, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව, ආනයන සඳහා සිදු කරන ගෙවීම් විධිමත්ව අධ්‍යයනය කරමින්, විදේශ විනිමය රටින් අනවශ්‍ය ලෙස පිටතට යාම වැළැක්වීම එහි අරමුණ බවයි අද (19) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිශ්චිත මාර්ගෝපදේශ ඉක්මනින්ම ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.