Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සෞඛ්‍ය ආයතන 17 ක් සඳහා නව අධ්‍යක්ෂවරුන් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල, කොළඹ ද සොයිසා කාන්තා රෝහල, මහමෝදර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර මහ රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතන 17 ක් සඳහා මෙම නව අධ්‍යක්ෂවරුන් පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී, කාසල් වීදියේ කාන්තා රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග, ද සොයිසා මාතෘ (ශික්ෂණ) රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය සී. පෙරේරා, මහමෝදර ශික්ෂණ රෝහලේ (ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල) අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය කේ.එම්. සෝමරත්න, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය බී.අයි. කුරුකුලසූරිය සහ මාතර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ජේ.පී. රණසිංහ ද පත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.