යුද්ධය අවසන් කිරීම සඳහා ටෙහෙරානය සහ වොෂින්ටනය අතර ඇති කරගත් කරුණු 14කින් යුත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සංකීර්ණ සාකච්ඡා ආරම්භ කිරීමට, ස්විට්සර්ලන්තයේදී ඉරාන සාකච්ඡාකරුවන් හමුවීමට සැලසුම් කර තිබූ සංචාරයෙන් ඇමෙරිකානු උප ජනාධිපති JD Vance ඉවත් වූ බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.
මෙම සාකච්ඡා අවලංගු කිරීම ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය විසින් ද පසුව තහවුරු කරන ලද අතර, Burgenstock කඳු මුදුනේ පිහිටි නිවාඩු නිකේතනයේ පැවැත්වීමට තිබූ මෙම හමුව සිදු නොවන බවට ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි බවයි විදෙස් මාධ්‍ය උපුටා දක්වන්නේ.
ඇමෙරිකානු නිලධාරීන් මෙම සතිය මුලදී ප්‍රකාශ කළේ, එක්සත් ජනපද-ඉරාන ගිවිසුම සඳහා වන නිල අත්සන් තැබීමේ උත්සවයක් ජිනීවා හිදී පවත්වන බවයි.
නමුත් ඉරාන විදේශ අමාත්‍යාංශය ඒ පිළිබඳව සැක මතු කරමින් කියා සිටියේ, දෙරටේම ජනාධිපතිවරුන් පසුගිය බදාදා දිනයේදී ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව එවැන්නක් අනවශ්‍ය බවයි.
මේ අතර, ඉරානය වෙත නැව් යාත්‍රා කිරීම හෝ පිටවීම වැළැක්වීම සඳහා පනවා තිබූ නාවික අවහිරතාව ඇමෙරිකානු බල ඇණි විසින් බ්‍රහස්පතින්දා ඉවත් කළ බවට ඇමෙරිකාව ප්‍රකාශ කළ අතර, එසේ වුව ද ඇමෙරිකානු යුද නැව් එම පොදු කලාපයේ දිගටම රැඳී සිටිනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



