වත්මන් ආණ්ඩුව ජනතාවට සහන ලබාදීම මඟ හරින බවත්, ඒ වෙනුවෙන් තමන් සිරගෙට යන බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා.
ඊයේ (18) දිනයේදී අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබුණු අතර, බන්ධනාගාර බස් රථයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමට නොහැකි බවයි.
එසේම, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව අනිවාර්යයෙන්ම පරාජයට පත් කිරීමට කටයුතු කරන බවත් සුගීෂ්වර බණ්ඩාර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.



