Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026 - 2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදී තිබෙනවා.

2026 - 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කර ගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහන බවයි සඳහන් වෙන්නේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන මගින් ලබා දුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇති අතර, මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවයි සඳහන් වෙන්නේ.

මෙම 'ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030' ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව 2026 මැයි 04 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

රජයේ ආයතන, පෞද්ගලික අංශයේ විශේෂඥයන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ පොදු එකඟතාවයෙන් මෙම සැලැස්ම සකස් වී තිබෙනවා.

'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන ජාතික දැක්ම අනුව, ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීමට සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා මෙම සැලැස්ම සකස් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.