ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සාපේක්ෂව, දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ආශ්‍රිතව ඉලක්ක කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, කරුණු කිහිපයක් පදනම් කර ගනිමින්, මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම, ප්‍රජා සහභාගීත්ව පිරිසිදු කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ.
අදාළ චක්‍රලේඛය පහතින්.





