රඹුක්කන ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
රඹුක්කන සිට පානදුර දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ අර්ධ සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසා සිටියේ.
දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, මේ හේතුවෙන් කිසිදු දුම්රිය ප්‍රමාදයක් සිදුව නොවන බවත් ඔහු පවසා සිටියා.



