Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකු කිසිදු හඬක් නොනැඟීම පිළිබඳව තමන් පුදුමයට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමාන් පවසනවා.

නමුත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරියන්ගේ සංසදයට ස්තූතිවන්ත වන බවත්, ඔවුන් මේ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි අතර ජාතික ළමාරක්ෂක අධිකාරිය ද යම් මැදිහත්වීමක් මේ වෙනුවෙන් සිදුකළ බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නමුත් අවාසනාවකට, අන් සියලු දෙනාම එකොළොස් හැවිරිදි දැරියක් දූෂණයට ලක් වූ බව පැවසීමට දැඩි ලෙස බියකින් පසුවන බවත්, මේ මොහොතේ අවශ්‍ය වන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඇතුළු මුළු පාර්ලිමේන්තුවම එකතු වී මෙවැනි අපයෝජනයන් වැළැක්වීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කිරීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

මෙවැනි දෙයක් සිදුවීමට ඉඩහැරීම පිළිබඳව අප සැම ලැජ්ජා විය යුතු බවත්, ලිංගිකව රවටා හසුකරගත් එකොළොස් හැවිරිදි දැරියක් ගණිකා වෘත්තියේ යෙදුණු බව පැවසීම ඉතාමත් නින්දිත කතාවක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.