මේ වන විට පැමිණෙන නඩු තීන්දු බොහොමයක්, පසුගිය යහපාලන රජය සමයේ පවරන ලද නඩුවල ප්‍රතිඵල බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
හදිසි නීතිය ක්‍රියාත්මක වන රටක, ජනතාවට පාරට බහින්නට හෝ රජයෙන් සිදුවන අසාධාරණකම්වලට එරෙහිව එළියට බැසීමට ක්‍රමයක් නොමැති බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව, හදිසි නීතිය ආයුධයක් ලෙස ජනතාවගේ හිස මතට එල්ල කර ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



